දිවයිනේ ප්‍රදේශ රැසකට හෙට දිනයේත් තද වැසි

බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ මධ්‍යම පළාත් වලත් හෙට දිනයේත් විටින් විට ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලීමීටර් 75 ක පමණ තද වැසි ඇති විය හැකිි බවයි.

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත් වල උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව කියා සිටියා.

එමෙන්ම, බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ මධ්‍යම පළාත්වලත් පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියා.

What's your reaction?

Related Posts

1 of 1,176

Leave A Reply

Your email address will not be published. Required fields are marked *