දිසා විනිසුරුවරයෙකු ලෙස පෙනී සිටිමින් මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

දිසා විනිසුරුවරයෙකු සහ නිතීඥවරයෙකු ලෙස පෙනී සිටිමින් ජර්මනියේ රැකියා ලබා දෙන බව පවසා මහා පරිමාණයෙන් මුදල් වංචා කර පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසෙල්වත්ත සහ තවත් පොලිස් ස්ථාන කිහිපයකට ලද පැමිණිලි වලට අනුවයි මෙම සැකකරු ඊයේ ගන්දර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔහු විසින් ජර්මනියේ රැකියා ලබා දෙන බවට පවසා රුපියල් ලක්ෂ 24කට අධික මුදලක් වංචා කර තිබෙනවා.

සැකකරු පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි අයෙකු වන අතර ඔහු සතුව තිබී ව්‍යාජ ලෙස සකස් කරන ලද නිතීඥ හැදුනුම්පතක් ද සොයා ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *