දෙමස්සිනාලාගේ ගැටුමෙන් අයෙක් මරුට

තියුණු ආයුධයකින් පහරදීම නිසා පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කටුවන අමුදමන ප්‍රදේශයේදී අද (23) පෙරවරුවේ ඝාතනය සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වාර්තා කළේ.

මරණකරු හා සැකකාර ඝාතකයා අතර පැවති අමනාපයක් මත වූ බහින්බස් වීමක් නිසා පහර දීම සිදුකර ඇති බවයි පැවසෙන්නේ.

සිදුවීමෙන් පසුව සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් තිබෙනවා.

ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවයි කටුවන පොලිසිය පවසන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *