දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙනුත් වාර්තා ගත ආදායමක්

දෙහිවල ජාතික සත්වෝද්‍යානය වාර්තා ගත ආදායමක් ලබා තිබෙනවා.

මෙම වසරේ පළමු දින 40 තුළදී නරඹන්නන් 16,000ක් පැමිණ ඇති අතර, ඉන් ලැබූ ආදායම රුපියල් මිලියන 52ක් වන බවයි සඳහන් වන්නේ.

දෙහිවල ජාතික සත්වෝද්‍යානය නැරඹිම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණ ඇති බව වාර්තා වෙනවා.

සත්වෝද්‍යානයේ මෙහෙයුම් අධ්‍යක්ෂ අනෝමා ප්‍රියදර්ශනී පවසන්නේ දෙහිවල සත්වයෝද්‍යානයේ අධ්‍යාපනික දැනුවත් කිරීම් නරඹන්නන්ගේ සුව පහසුව වැඩි කිරීමත් සමඟ නරඹන්නන් පැමිණීම වැඩි වශයෙන් දක්නට ලැබෙන බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *