ධනංජය – කමිඳු සටන් කාමි ඉනිම්

සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සිලාත්හිදී අද (22) ආරම්භ වූ පළමු තරගයේ පළමු දිනයේ ක්‍රීඩාව අවසන් කරන විට බංග්ලාදේශ පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු තුනක් දැවී ලකුණු 32 ක් රැස්කර සිටියේය.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල සියලු දෙනා දැවී ලකුණු 280 ක් රැස්කළ අතර ඒ අනුව බංග්ලාදේශය කඩුලු 7 ක් අතැතිව ලකුණු 248 ක් පසු පසින් සිටියි.

කාසියේ වාසිය ලැබූ බංග්ලාද්ශ පිලේ ඇරයුමින් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිලේ හයවැනි කඩුල්ල වෙනුවෙන් නායක ධනංජය ද සිල්වා (102) සහ කමිඳු මෙන්ඩිස් (102) ලකුණු 202 ක අනගි සම්බන්ධතාවක් පවත්වමින් ගෞරවය රැකගැනීමට සමත් වූහ.

ශ්‍රී ලංකා පිලේ මුල් පෙළ පිතිකරුවන් පස්දෙනාම ලකුණු 57 කදී ක්‍රීඩාගාරයට හරවා යෑමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ.

ශ්‍රී ලංකා පිල පළමු ඉනිම ඕවර 68 කද සියලු දෙනා දැවී 280

(දිමුත් කරුණාරත්න 17, කුසල් මෙන්ඩිස් 16, ධනංජය ද සිල්වා 102, කමිඳු මෙන්ඩිස් 102, කලීඩ් අහමඩ් 72/3, නහීඩ් රනා 87/3)

බංග්ලාදේශ පිල පළමු ඉනිම ඕවර 10 කදී කඩුලු 3 ට 32

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *