නව රජයේ පලමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නව රජයේ පලමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා නව රජය නියෝජනය කරන ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, අමාත්‍ය විජිත හේරත් යන තිදෙනාම සහභාගී වනවා.

නව රජයේ පලමු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී රටේ මේ වන විට බලපාන ප්‍රබල තීන්දු රැසක් සම්බන්ධයෙන් තින්දු ගනු ඇති බව වාර්තා වනවා.

නව අමාත්‍ය මණ්ඩලයේ ප්‍රකාශකවරයා වශයෙන් ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු, පරිසර, වනජිවි, වනසම්පත්, ජලසම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්, ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් හා බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් පත් කර තිබෙනවා.

ඒ අනුව අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම් නව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් විසින් හෙට දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී දැනුම්

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *