නවීන තාක්ෂණයෙන් කෘෂිකර්මය දියුණු කළයුතුයි

පැරණි ක්‍රමවේදවලින් ඔබ්බට ගොස් නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් කෘෂිකාර්මික ගුණාත්මකභාවය වැඩිකිරීමට කටයුතු කළයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ මැදිරිගිරිය ප්‍රදේශයේ පැවති සක්වළ වැඩසටහනකට එක්වෙමින්.

සක්වළ වැඩසටහනේ 331 වැනි අදියර යටතේ මැදිරිගිරිය කොහොඹදබන කණිෂ්ඨ විද්‍යාලයට රුපියල් ලක්ෂ 12කට ආසන්න වටිනාකමින් යුත් සුහුරු පන්තිකාමර උපකරණ ලබාදීම විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *