නාමයෝජනා භාර ගැනීමේ කටයුතු හේතුවෙන් 15 වැනිදා ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම

සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති 2024 ජනාධිපතිවරණයට එළඹෙන අගෝස්තු 15වැනිදා අපේක්ෂකයින්ගේ නාමයෝජනා භාර ගැනීමේ කටයුතු හේතුවෙන් මැතිවරණ මහ ලේකම් කාර්‍යාල ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව අගෝස්තු 15 වැනිදා උදෑසන 08.00 සිට පස්වරු 02.00 දක්වා එම රථවාහන සැලැස්ම පහත සඳහන් පරිදි ක්‍රියාත්මක කෙරෙනු ඇති බවයි නාගරික රථවාහන කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.

ඒ අනුව එදින පහත සඳහන් ආකාරයට රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වෙනු ඇති,

ශ්‍රී ජයවර්ධනපුර මාර්ගය ආයුර්වේද හංදියේ සිට වැලිකඩ දක්වා (කොළඹින් පිටිවීම) කොටස වසා තබනු ලැබේ.

එම නිසා, පොල්දුව දෙස සිට සහ නාවල පාරෙන් කොළඹට ඇතුළු වන සියළුම වාහන සාමාන්‍ය පරිදි වැලිකඩ හංදියට පැමිණ එතැන් සිට ආයුර්වේද හංදිය දක්වා ගමන් කර සාමාන්‍ය පරිදි කොළඹට ඇතුළු විය හැකි බවත්, වැලිකඩ හංදියත් ආයුර්වේද හංදියත් අතර කොළඹට ඇතුළු වන පැත්තේ ඇති සියළුම අතුරු මාර්ගවලින් ශ්‍රී ජයර්ධනපුර මාර්ගයට ඇතුළු වන සියළුම වාහන වමට හරවා බොරැල්ල ආයුර්වේද හංදිය දෙසට ගමන් කල යුතු බවත් සඳහන්.

වැලිකඩ හංදියේ සිට ආයුර්වේද හංදිය දක්වා (කොළඹට ඇතුළු වන පැත්ත) පරණ පාර කොටස වසා තබනු ලැබේ.

ඒ හේතුවෙන් බොරැල්ල කොටා පාරෙන් සහ කාසල් වීදියෙන් කොළඹින් පිටවන වාහන ආයුර්වේද හංදියට පැමිණ ආයුර්වේද හංදියෙන් පාරණ පාර ඔස්සේ වැලිකඩ හංදිය දක්වා ගමන් කල හැකිය.

එමෙන්ම අතුරු මාර්ග වලින් පාරණ පාරට ඇතුළු වන සියළු වාහන වමට හරවා වැලිකඩ හංදිය දෙසට ගමන් කල යුතුය.

තලවතුගොඩ හංදියේ සිට කොළඹ දෙසට ගමන් කරන සියළුම වාහන තලවතුගොඩ හංදිය,කිඹුලාවල හංදිය ඔස්සේ පිටකොට්ටේ හංදියට පැමිණ නාවල පාර ඔස්සේ නාරාහේන්පිට දෙසට හෝ නුගේගොඩ දෙසට ගමන් කර කොළඹ දෙසට ගමන් කල යුතුය.

ඔබේසේකරපුර මාර්ගයෙන් පාරණ පාරට පැමිණෙන වාහන මාදින්නාගොඩ හරහා වැලිකඩ හංදියට ගමන් කල යුතුය.

එමෙන්ම, පොල්දුව හංදියේ සිට බොරැල්ල දෙසට සහ බොරැල්ල දෙස සිට පොල්දූව හංදිය දක්වා කන්ටේනර් රථ ගල්, වැලි පටවන ලද ටිපර් රථවලට ඇතුල්වීම සීමා කරනු ඇත.

තවද, ජනාධිපති අපේක්ෂකයින් සමඟ පැමිණෙන පාක්ෂිකයින්ගේ වාහන නැවැත්වීම සම්බන්ධයෙන් හා පාක්ෂිකයින් ස්ථාන ගත වීම සම්බන්ධයෙන් ඒ ඒ දේශපාලන පක්ෂ හා ස්වාධින කණ්ඩායම් දැනුවත් කිරීමට කටයුතු කරනු ලබන බවත් එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම, පහත සදහන් මාර්ග වල බස් රථ පහත පරිදි ගමනාන්තය දක්වා ගමන් කල යුතු බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව, 176 මාර්ගය නාවල පාරෙන් වැලිකඩ හංදියට පැමිණ ශ්‍රි ජයවර්ධනපුර මාර්ගය ඔස්සේ ආයුර්වේද හංදියට පැමිණ ගමනාන්තය දක්වා ගමන් කල යුතුය.

මාර්ග අංක 170, 171, 175, 177, 190 යන මාර්ග වල බස් රථ වැලිකඩ හංදියට පැමිණ ශ්‍රි ජයවර්ධනපුර මාර්ගය ඔස්සේ ආයුර්වේද හංදිය වෙත පැමිණ ගමනාන්තය දක්වා ගමන් කල යුතුය

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *