නාමල්ට එරෙහිව බන්දුලගෙන් පැමිණිල්ලක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, ජාතික සංවිධායක නාමල් රාජපක්ෂට එරෙහිව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින්
හෝමාගම පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

අමාත්‍යවරයාගේ ලිඛිත පැමිණිල්ල ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු මාර්ගයෙන් පොලිසියට ලබා දුන් බවයි වාර්තා වන්නේ.

ආසන බලමණ්ඩල රැස්වීමක් ඇමතිවරයාට කිසිදු දැනුම්දීමකින් තොරව හෝමාගම ප්‍රදේශයේ සංවිධාන කළ බව කියමින් මෙම පැමිණිල්ල යොමුකර තිබෙනවා.

සිදුවීම හරහා ඔහු පක්ෂ විනය කඩ කර ඇති බව පෙන්වා දෙමිනුයි මෙකී පැමිණිල්ල යොමුකොට ඇත්තේ.

මේ සම්බන්ධයෙන් පොලිසියට ක්‍රියාත්මක වීමට හෝ නීතිමය පියවර ගැනීමට නොහැකි බවයි පොලිස් ආරංචිමාර්ග පවසන්නේ.

මේ අතර සිදුවීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ අදහස් දක්වනවා.

ඔහු පවසන්නේ හිටපු පළාත් සභා මන්ත්‍රී ජනක වැලිවත්තගේ ආරාධනයක් පරිදි ඔහුගේ නිවසට ගිය බවයි.

එම නිවසේ තේ පැන් සංග්‍රහයකට සහභාගී වූ බවත් එහිදී පාක්ෂිකයින් පිරිසක් එම නිවසට පැමිණ සිටි බවයි ඔහු පැවසුවේ.

මේ අතර දේශපාලන ආරංචිමාර්ග වාර්තා කරන්නේ බන්දුල ගුණවර්ධන ඉකුත් සමයේ නෙළුම් මාවතේ පක්ෂ කාර්යාලයට ගොස් නැති බවයි.

ඉහත පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාමාර්ගයක් නොගන්නා බවයි අප කළ විමසීමේදී පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *