නාවික නිලධාරිනියන් දෙදෙනෙකුට අසභ්‍ය දර්ශන පෙන්වූ සෙබළා අත්අඩංගුවට

නාවික හමුදාවේ නිලධාරිනියන් දෙදෙනෙකුට වට්සැප් තාක්ෂණය ඔස්සේ අසභ්‍ය දර්ශන යොමු කළ හිටපු නාවික හමුදා සෙබළුකු පරිගණක අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ නිලධාරියා මෙම වීඩියෝ දර්ශන යවා ලිංගික ක්‍රියාවන් සඳහා ඇරයුම් කරමින් නිලධාරිනියන් දෙදෙනාට තර්ජනය කළ බවයි වාර්තා වන්නේ.

සැකකරු එම ක්‍රියාව සඳහා යොදාගත් ජංගම දුරකථනයද මේ වන විට පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සෙබළියක් විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

එහිම උසස් තනතුරක් දැරූ නිලධාරිනියක් තමන් සමීපව ඇසුරු කර ඉවත් වූ නාවික හමුදා සෙබලෙකු තමන්ගේ නිරුවත් දර්ශන පුද්ගලයන් කීප දෙනෙකු වෙත වට්සැප් තාක්ෂණය ඔස්සේ යොමු කර ඇති බවත් ඔහු එම දර්ශන තවත් පුද්ගලයන්ට යොමු කරන බවට තර්ජනය කරන බවත් පවසමින් පැමිණිල්ලක් කර තිබූ බවයි පොලිසිය පැවසුවේ.

කෙසේ වෙතත් නවීන තාක්ෂණය ඔස්සේ සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම දෙදෙනාටම තර්ජනය කර ඇත්තේ එකම පුද්ගලයෙකු වන බවයි.

ඒ අනුව සැකකාර සෙබළා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *