නාවික සෙබළු 10,000ක් හමුදාව හැරයාමෙන් නාවික යාත්‍රා 63ක් එක තැන

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් 167ක් සහ නාවිකයන් 10,002ක් ඉකුත් වසර පහේදී (2019 – 2023) සේවය හැරගොස් තිබෙන බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක් හෙළිකරනවා.

එම වාර්තාව පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය අවම කරගැනීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග නොගත් බවයි.

නාවික හමුදාවේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් විගණන වාර්තාව මත පදනම්වයි මේ තොරතුරු වාර්තා වන්නේ.

2019 සිට 2023 දක්වා කාලයේ දී නිලධාරීන් 537ක් සහ නාවිකයන් 17,734 ක් නාවික හමුදාවට බඳවාගෙන තිබෙනවා.

නමුත් විශ්‍රාම හා සේවය හැරගිය සංඛ්‍යාව පිළිවෙළින් 580ක් සහ 17,734ක් බවයි දැක්වෙන්නේ.

ඒ අනූව නාවික හමුදාවෙන් ඉවත් වූ සංඛ්‍යාවට සාපේක්ෂව බඳවා ගන්නා ප්‍රමාණය 52%ක පහළ මට්ටමක පැවති බවයි සඳහන් වන්නේ.

මේ අතර නාවික හමුදාවේ නෞකා හා යාත්‍රා 63ක් ඉකුත් වසර අවසානය වන විට අක්‍රියව පැවතුණ බව එම විගණන වාර්තාව පෙන්වා දෙනවා.

අක්වෙරළ නිරීක්ෂණ නෞකා 6ක්, වේග ප්‍රහාරක නෞකා 3ක්, වෙරළ ආරක්ෂක ප්‍රහාරක යාත්‍රා 31ක්, වෙරළ නිරීක්ෂණ මුර යාත්‍රා 8ක් සහ මගී ප්‍රවාහන හා භාණ්ඩ ප්‍රවාහන යාත්‍රා 4ක් ඊට ඇතුළත් බවද සඳහන්.

නෞකා, බෝට්ටු, යාත්‍රා අලුත්වැඩියාව වෙනුවෙන් රුපියල් කෝටි 1785ක් වැය වන බවත් පැවති ප්‍රතිපාදනවලින් රුපියල් 1273ක් යොදවා තිබීමත් මෙයට ප්‍රධාන හේතුවක් බව එහි සඳහන්.

වැලිසර නාවික හමුදා රෝහලේ 2020 සිට 2023 ජුනි දක්වා කාලයේදී නේවාසික සහ බාහිර ප්‍රතිකාර ලැබූ රෝගීන් සංඛ්‍යාව වර්ධනයවී තිබෙන බව පැවසෙනවා.

නමුත් රෝහල් කාර්ය මණ්ඩලය 365 සිට 286 දක්වා අඩු වීමෙන් රෝහල් සේවාවලදී එම කාර්ය මණ්ඩලය දැඩි වෙහෙසට පත්ව සිට තිබෙන බවයි විගණන නිලධාරීන් නිරීක්ෂණය කර තිබෙන්නේ.

මේ වාර්තාව සම්බන්ධයෙන් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.
……………. බව එහි සඳහන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *