නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් හයදෙනෙකු අද සමගි ජන සන්ධානයට

නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හයදෙනෙකු සමගි ජනබලවේගයේ මූලිකත්වයෙන් ගොඩනැගෙන සමගි ජන සන්ධානයට අද එක්වීමට නියමිතව තිබෙනවා.

ඊට අදාළ අවබෝධතා ගිවිසුමට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අත්සන් තැබීමට නියමිත බවයි සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර කියා සිටියේ.

ඒ අනුව තමන් ඇතුලු නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හයදෙනෙකු අද දිනයේ සමගි ජන සන්ධානයට එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ඩලස් අලහප්පෙරුම ඇතුළු මන්ත්‍රීවරු සිව් දෙනකු අද දිනයේ සන්ධානයට එක් නොවන බවයි කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *