නීතිඥ වෘත්තීයේ නිරත වීම වළක්වාලමින් නීතිඥවරියකට තහනම් නියෝගයක්

අධිකරණ කාර්යාලයේ තිබූ නඩු ගොනුවක ලේඛනයක් බලහත්කාරයෙන් උදුරාගෙන එය සපා කා එය විනාශ කළේ යැයි චෝදනා ලබා සිටින කැකිරාව ප්‍රදේශයේ නීතිඥවරියකට නඩු විභාගය අවසන් වන තෙක් නීතිඥ වෘත්තීයේ නිරත වීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ නීතිඥවරියට එරෙහිව ඉදිරිපත් කර තිබූ චෝදනා පත්‍රයක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ගාමිණී අමරසේකර සහ ඒ.එච්.එම්.ඩී.නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම චෝදනා පත්‍රය කැඳවනු ලැබීය.

කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට අදාළව උසාවි කාර්ය මණ්ඩලය භාරයේ තිබූ නඩු ගොනුවක ලේඛනයක් බලහත්කාරයෙන් උදුරාගෙන එය සපා කා ඊට හානි කළේ යැයි චෝදනා කරමින් අදාළ නීතිඥවරියට එරෙහිව චෝදනා ගොනුකර තිබිණි.

මේ තුළින් අදාළ නීතිඥවරිය නීතිඥ ආචාර්ය ධර්ම උල්ලංඝනය කර ඇති බවටත් අදාළ චෝදනා පත්‍රය මඟින් චෝදනා නඟා තිබිණි.

මෙම නීතිඥවරියට එල්ල වී තිබෙන චෝදනා ඉතා බරපතළ යැයි පෙන්වා දුන් ත්‍රිපුද්ගල වනිසුරු මඩුල්ල මෙවැනි ක්‍රියා
අනුමත කළ නොහැකි බවත් සඳහන් කළේය.

ඒ අනුව චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව මෙම නඩු විභාගය අවසන් වන තෙක් අදාළ නීතිඥවරියට නීතිඥ වෘත්තියේ නිරත වීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන බවත් අග විනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළහ.

මෙම නීතිඥවරිය වසර දොළහක් පමණ කාලයක් නීතිඥවරුත්තියේ නිරත වී ඇති බව ඩු විභාගයේදී අගවිනිසුරුවරයා විසින් මතු කරනු ලැබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කර තිබිණි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *