නීතිවිරෝධී මත්කරල් ජාවාරමේ යෙදුණු කාන්තාවක් අත්අඩංගුවට

PREGABALIN නමැති මත්කරල් 500ක් ජාවාරම් කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් ඊයේ රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ විශේෂ කාර්ය බලකා මොරටුව කඳවුරේ බස්නාහිර පළාත E කලාපයේ ආරක්ෂක රාජකාරියේ නිරත සංග්‍රාමික යතුරු පැදි කණ්ඩායමේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි.

වයස අවුරුදු 54ක් වන ඇය ගල්කිස්ස පොලිස් වසමේ වලව්වත්ත, රත්මලාන ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

ඒ අනුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා එම කාන්තාව ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *