නූපන් කිරිකැටියාට සහ මවට දිවි අහිමි කළ මාරක අනතුර

හම්බන්තොට වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ මාරාන්තික අනතුරක් සිදුව තිබෙනවා.

ඒ ත්‍රීරෝද රථයක් පාරේ ගමන් කරමින් සිටි ගැබිණි කාන්තාවකගේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි හිරු වාර්තාකරු සඳහන්කර සිටියේ.

මෙම අනතුරින් ජිවිතක්ෂයට පත්වූයේ අවුරුදු 23ක කාන්තාවක්.

මෙම කාන්තාව තම කුඩා දරුවා සමඟ පාරේ ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ ඇය රෝහල් ගත කරන විටත් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඇගේ කුසේ සිටි දරුවාට සිසේරියන් සැත්කමක් කළද බේරා ගැනීමට නොහැකි වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

What's your reaction?

Related Posts

1 of 327

Leave A Reply

Your email address will not be published. Required fields are marked *