නෙත්මිකා මදුෂානි ලක්මව රිදියෙන් සරසයි

ඩුබායිහී පැවැත්වෙන විසි එක්වන ආසියාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා තුන් පිම්ම ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට නෙත්මිකා මදුෂානි හේරත් සමත් වුණා.

මීටර් 13.01 ක් වූ හොඳම පෞද්ගලික දක්ෂතාවය දක්වමින් ඇය රිදී පදක්කම හිමිකර ගත්තා.

නෙත්මිකා මදුෂානි මොනරාගල බිබිල නන්නපුරාව මහා විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගී වන ක්‍රීඩක කණ්ඩායමේ නායිකාවද වෙනවා.

What's your reaction?

Related Posts

1 of 868

Leave A Reply

Your email address will not be published. Required fields are marked *