නෙදර්ලන්තයෙන් ආනයනය කරන ලදී ගැහැණු නිලසුනකයින් දෙදෙනෙකුට පැටවුන් බිහි කිරීමක්

2024.07.05 වන දින ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් නිල සුනඛ කොට්ඨාසය වෙත නිදර්ලන්තයේ සිට සුනඛයින් තිස්පස් දෙනකුට ගෙන්වන ලදී. මේ අතර ගැබ්වර ගැහැනු සුනකින් තිදෙනකු සිටි අතර ඉන් ගැහැනු සුනකින් දෙදෙනකු විසින් පැටවුන් දහතුන් දෙනෙකු දැනට දින කිහිපයකට පෙරේ ම මහනුවර කුණ්ඩසාලයේ පිහිටි අස්ගිරිය පොලිස් නිල සුනඛින් මූලස්ථානයේ දී බිහිකර තිබේ.
පැටවුන් බිහිකරන ලද ගැහැනු සුනඛයින් අතරින් english spainer වර්ගයේ Tem-Pard යන ගැහැණු නිලසුනකයා විසින් පිරිමි පැටවුන් තුනක් සහ ගැහැණු පැටවුන් තුනක්ද හා Lea යන ගැහැණු නිල සුනකයා විසින් පිරිමි පැටවුන් තුනක් සහ ගැහැනු පැටවුන් හතර දෙනෙකු වශයෙන්ම බිහිකරන ලදී. ෙම පැටවුන් නිලසුනක කොට්ඨාසයේ සහකාර අධ්‍යක්ෂ වෛද්‍යය අමල් දිසානායක මහතාගේ පාරික්ෂාව යටතේ මහනුවර කුණ්ඩසාලේ පිහිටිපස්සේ අස්ගිරිය පොලිස් නිලසුනක මූලස්ථානයේ නිරෝගීව සිටි.
නෙදර්ලන්තයේ සිට මෙම නිලසුනකින් තිස්පස් දෙනා ගෙන්වීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විශාල මුදලක් වැයකර ඇති අතර ින් මෙලෙස ගෙන්වන ලද ගැහැණු සුනකින් දෙදෙනකු විසින් පැටවුන් දහතුන් දෙනකු බිහි කිරීම තුළින් රුපියල් මිලියන 25 කට වඩා වැඩි මුදලක් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබී ඇත මින් ඉදිරියේ දී පොලිස් රාජකාරී කටයුතු සඳහා නිල සුනඛීන් ආනයනය සීමා කරමින් ඒ සඳහා වන පිරිවැය ඩුකිරීම මෙන්ම රාජකාරි කටයුතු සඳහා අවශ්‍ය නිලසුනකින් අභිජනනය කර ගැනීමට අපේක්ෂා කරනු ලබයි.
ඉදිරියේදී මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීමට අපරාධකරුවන් පසුපස හඹායෑම හා ුරණ ද්‍රව්‍ය සොයාගැනීම වැනි කාර්යා සඳහා මෙම පැටවුන් පුහුණු කර පොලිස් රාජකාරී කටයුතු සඳහා අවශ්‍ය සහාය ලබාගැනීමට කටයුතු කරනු ලබයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *