2024 නොවැම්බර් මාසයේදී ප්රවාහනයට සහ ගමනාගමනයට බලපාන වර්ජන මාලාවකට ඉතාලිය මුහුණ දෙයි. ගුවන් ගමන්, දුම්රිය සහ දේශීය පොදු ප්රවාහන සේවාවන්ට බලපාන වැඩ වර්ජන මාලාවක් හේතුවෙන් නොවැම්බර් මාසයේදී ඉතාලිය තුල ගමනාගමන බාධා ඇති විය හැක.
ඒ අනුව පොදු ප්රවාහන සේවාවන්හි වැඩ වර්ජනයන් සිදු වන දිනයන් මෙසේ දැක්වේ.
● නොවැම්බර් 12: ගුවන් තොටුපල වැඩ වර්ජන
ගුවන් ගමනාගමන පාලන නියෝජිතායතනය වන ජාතික ගුවන් සහාය ඒජන්සිය (ENAV) හි කාර්ය මණ්ඩලය නොවැම්බර් 12 අඟහරුවාදා ප.ව 13.00 සිට ප.ව 17.00 දක්වා Naples, Pescara, Perugia සහ Lampedusa ඇතුළු විවිධ ගුවන් තොටුපලවල පැය හතරක වැඩ වර්ජනයක් දියත් කිරීමට නියමිතය, එහි ප්රතිඵලයක් ලෙස ගුවන් ගමන් වලට බාධා ඇති විය හැක.
● නොවැම්බර් 18 සහ 19: පොදු ප්රවාහන වැඩ වර්ජන
නේපල්ස් සහ පලර්මෝ හි දේශීය පොදු ප්රවාහනය
දේශීය පොදු ප්රවාහනයට බලපාන පැය හතරක වැඩ වර්ජන දෙකක් නොවැම්බර් 18 සඳුදා නේපල්ස්හි, පෙ.ව 11.00 සිට ප.ව 15.00 දක්වා සහ පලර්මෝ හි නොවැම්බර් 19 අඟහරුවාදා 10.00 සිට 14.00 දක්වා සැලසුම් කර ඇත.
● නොවැම්බර් 28-29: ජාතික දුම්රිය වර්ජනය
නොවැම්බර් 28-29: ජාතික දුම්රිය වර්ජනය
නොවැම්බර් 28 සිට 29 දක්වා ඉතාලියේ දුම්රිය මගීන්ට දුම්රිය සේවා අඩාල වන අතර නොවැම්බර් 28 බ්රහස්පතින්දා ප.ව 21.00 සිට නොවැම්බර් 29 සිකුරාදා දක්වා එම කාලය දක්වා ඉතාලිය අවට දුම්රිය සේවකයින් විසින් පැය 24ක වැඩ වර්ජනයක් පැවැත්වීමට නියමිතය. වැඩ වර්ජන ක්රියාමාර්ගය Trenitalia සහ Italo විසින් ක්රියාත්මක කරනු ලබන කලාපීය සහ දිගු-දුර සේවාවලට බලපෑ හැකි බවට වාර්ථා වේ.
● නොවැම්බර් 29: මිලානෝ සහ වැනීසියේ ගුවන් තොටුපල වැඩ වර්ජන
මිලාන් ලිනේට් සහ මිලාන් මල්පෙන්සා හි ගමන් මලු හසුරුවන්නන් නොවැම්බර් 29 සිකුරාදා පැය 24ක වැඩ වර්ජනයක් පැවැත්වීමට නියමිතව පවතී. වැනීසියේ ගුවන් තොටුපළේ ගමන් මලු හසුරුවන්නන් ප.ව14.00 සිට ප.ව18.00 දක්වා පැය හතරක් එකම දිනයේ වැඩ වර්ජනය කිරීමට නියමිතය. කාර්මික ක්රියාමාර්ගය නිසා ගමන් මලු සහ පිරික්සුම් සේවා ප්රමාද වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
● නොවැම්බර් 29: WizzAir වර්ජන
WizzAir Malta ගුවන් නියමුවන් සහ කැබින් කාර්ය මණ්ඩලය නොවැම්බර් 29 වැනිදා ඉතාලියේ පැය 24ක වැඩ වර්ජනයක් පැවැත්වීමට නියමිතව පවතී.
● නොවැම්බර් 29: මහා වැඩ වර්ජනය
රජයේ “ප්රමාණවත් නොවන” අයවැයට ප්රතිචාර වශයෙන් වෘත්තීය සමිති CGIL සහ UIL විසින් කැඳවන ලද පැය අටක ජාතික මහා වැඩ වර්ජනයක් නොවැම්බර් 29 සිකුරාදා ඉතාලියේ පැවැත්වීමට සැලසුම් කර ඇත, එය පාසල්, පොදු කාර්යාල, කර්මාන්තශාලා සහ පොදු ප්රවාහනයට බාධා ඇති විය හැක.