ශ්‍රී ලංකාවේ නව ජපාන තානාපති H.E. Akio ISOMATA මහතා සිය රාජකාරී ආරම්භ කිරීම.
අභිනවයෙන් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ලෙස පත්වූ H.E. Akio ISOMATA මහතා සිය රාජකාරී ආරම්භ කිරීමෙන් පසු තම සහෝදර ශ්‍රී ලාංකිකයන්ට ආචාර කිරීම සඳහා පිළිගැනීමේ උත්සවයක් ශ්‍රී ලංකාවේ
ජපාන තානාපති නිල නිවසේදී පැවැත්වුණා.
මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ , හිටපු කථානායකවරුන් වන කරු ජයසූරිය ,, මහින්ද යාපා අබේවර්ධන , වර්තමාන පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි ඇතුළු විදේශ තානාපතිවරු ් ත්‍රිවිධ හමුදාපතිවරු න් උසස් රාජ නිලධාරීන් ඇතුළු සම්භාවනය පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.
පැමිණ සිටි පිරිස ඇමතූ නව තානාපතිවරයා නව රජය ගෙනියන කටයුතු සඳහා ජපානය පූර්ණ සහයෝගය ලබාදෙන බවත් විශේෂයෙන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ ජනාධිපතිතුමාගේ ඉලක්කයට ලඟා වීමට අවශ්‍යය පුහුණුව හා පහසුකම් සැපයීමට බලාපොරොත්තු වන බවත් ප්‍රකාශ කළා. එසේම අතීතයේදී ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන ජේ. ආර්. ජයවර්ධන මහතා ජපානය වෙනුවෙන් පෙනී සිටිමින් සිදුකළ ා කතාවද ඔහු මෙහිදී සිහිපත් කළා.