“පක්ෂව විපක්ෂව ඡන්දය ලබා දෙන සියළු දෙනාම ආරක්ෂා කරනවා සේම ප්‍රචණ්ඩත්වයට ඉඩ දෙන්නේ නෑ”

රට මොනම ආකාරයකින්වත් ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කරන්න ඉඩ නොදෙන බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ හිරු සලකුණ වැඩසටහනට එක්වෙමින්.

ප්‍රචණ්ඩත්වයට, මැර ප්‍රහාරවලට, තර්ජනයට, මිනි මැරුම්වලට යොමු වීමට සුදානම් වන අයට කියන්නට අවශ්‍ය වන්නේ එවැනි ක්‍රියාවලට යොමු නොවන ලෙස විපක්ෂනායකවරයා මෙහිදි කියා සිටියා.

එසේම එවැනි ක්‍රියාදාමයන් තුළින් පසුතැවිලි වන්නට සිදු වේ යැයි ඔහු මෙහිදී කියා සිටියා.

ජනාධිපතිවරණයේදී වැඩි ඡන්ද ලක්ෂ 20 කින් අනිවාර්යෙන්ම ජය ලබා ගන්නා බව ද ඔහු මෙහිදී අනාවරණ කර සිටියා.

එමෙන්ම ලේ පිපාසිත, තර්ජනය, ගර්ජනය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන කණ්ඩායමට භය වෙන්න එපා නොපසුබට උත්සාහයෙන් නොබියව ඔබගේ ඡන්දය පාවිච්චි කරන්න යැයි විපක්ෂනායකවරයා මෙහිදී ඉල්ලා සිටියා.

මේ අතර තමාට පක්ෂව විපක්ෂව ඡන්දය ලබා දෙන සියළු දෙනාම ආරක්ෂා කරන බවත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගන්නවා සේම නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ඔහු මෙහිදී අවධාරණයෙන් කියා සිටියා.

තමා ජනාධිපති වු පසුව වඩාත් නිහතමානිව, වඩාත් ජනතාවාදිව, ප්‍රජාතන්ත්‍රවාදිය, වඩාත් පොදු ජන කේන්ද්‍රියව තමා මෙන්ම තමාගේ කණ්ඩායමද සිටින බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *