පදනම් ආයතනයේ වුනේ රගපෑමක්

අද පදනම් ආයතනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය යනුවෙන් සිදු වූයේ රඟපෑමක් බවත් මාධ්‍ය සංදර්ශනයක් බවත් එහි ගත් තීරණවල කිසිදු නීතියානුකූලභාවයක් නොමැති බවත් දේශපාලන මණ්ඩලයේ සුළු පිරිසක් සහභාගි වී ගනු ලබන තීරණ කිසිසේත් නීතියානුකූල ඒවා නොවන බවත් එම නිසා මෙය රංගනයක් බව තමන් නැවතත් ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මහනුවරදී සඳහන් කළා අද රඟපෑමක් දෙස බැලීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හානි කිරීමට පැමිණි පිරිස් විසින් පක්ෂය අද ආණ්ඩුවත් සමඟ එල්ලීමට ගන්නා උත්සාහයන් නැවතත් තහවුරු වී ඇති බවත් ආණ්ඩුවේ ඇමති තනතුරු දරන ගමන් පක්ෂය ආරක්ෂා කරනවා යන්න කුමක්ද අද මේ පැමිණි පිරිස් අතර රජයේ අමාත්‍ය තනතුරු දරණ පිරිසගේ කාර්යමණ්ඩල සහ ඉතා සුළු ආධාරකරුවන් පිරිසක් සිටි බවත් ඒ කිසිසේත්ම දේශපාලන මණ්ඩලයක් ගත් තීරණයක් නොවන බවද රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළා මේ මොහොත වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පල ඇති රුකක් බැවින් වවුලන් නරියන් හා කුම්බාන්ඩයන් එල්ලීගෙන සිටින පිරිසක් එළවා දැමීම සඳහා තොවිලයක් ලෙස මේ පවතින තත්ත්වය සැලකිල්ලට ගත හැකි බවද සඳහන් කළා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *