පරිසරවේදීන් මතිවරයාගෙන් විද්‍යාත්මක පිළිතුරක් බලාපොරොත්තු වෙයි

පරිසර සංවිධාන සහ පරිසර අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරයා අමාත්‍යාංශයේදී පැවැත්වූ සාකච්ඡාව.
2024/12/09

කොළඹ


පරිසර සංවිධානය කීපයක් හා පරිසර ඇමතිතුමා හා නියෝජ්‍ය ඇමතිතුමා අතර අද සාකච්ඡාවක් පරිසර අමාත්‍යංශයේදි පැවැත්වුණා . එය අවසානයෙ ජගත් ගුනවර්ධන. සජිව චාමිකර හා පරිසර ඇමතිතුමා මාධ්‍යට අදහස් දැක්වුවා…

පරිසර අමාත්‍යවරයාද මාධ්‍යයට අදහස් පල කළා

ජගත් ගුණවර්ධන Cut👇

බොරුවට සතුරෙක් නිර්මාණය කරලා ඒ සතුරට පහල දිලා පොදු ප්‍රශ්න අමතක කිරිමක් කරන්නෙ. පරිසර්වේදින් බොරුවට වැරදි කරුවො කරනවනං අපි එය හෙලා දකිනවා. දැනට නීතියෙන් රිලව් ආරක්ෂිත සත්වයෙක් කියලා සදහන් කරලා නෑ.අපිට ඒ ගැන තර්කයක් නෑ. හැබැයි රජයෙ ප්‍රතිපත්තියෙ සදහන් කරලා තියෙනවා මෙම ප්‍රශ්නය ගැන විද්‍යාත්ම පිලිතුරක් ලබාදෙනවා කියලා.

පරිසර ආමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහත Cut 👇

පරිසර ආමාත්‍යංශය විදිහට අපි ජන ජිවිතය සතා සිව්පාවා ගහකොල ගැන හිතලා විද්‍යාත්මක තීරණයක් ගන්න ඕන. අපි දැනටමත් ගොවියන්ට සතුන්ගෙන් වෙන හානි ගැන තීරන ගැනිමට කමිටුවක් පත් කරලා තියෙනවා . පරිසර ආමාත්‍යංශය/ කෘෂිකර්ම ආමාත්‍යංශය හා මහජන ආරක්ෂක ආමාත්‍යංශය එකතුවෙලා තමා අපි මෙම කමිටුව පිහිටුවා තියෙන්නේ

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *