පවතින වියළි කාලගුණය හේතුවෙන් ජල සැපයුමට බාධා

ජාතික ජල සම්පාදන හා ජල ගමනාගමන මණ්ඩලයේ සංවර්ධන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අනෝජා කළුආරච්චි මහත්මිය පැවසුවේ ජල සම්පාදන පද්ධති 6ක වැඩ මුර පද්ධතියට ජලය සැපයෙන බවයි.

ඒ, ගම්පලවත්ත, පුස්සැල්ලාව, කොටගල, පුස්සැල්ල, හැටන් සහ ඌරුබොක්ක යන ප්‍රදේශවලයි.

වියළි කාලගුණය පවතින කාලසීමාව තුළ අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් ජලය භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජල ගමනාගමන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

මේ අතර, උණුසුම් කාලගුණය මැයි මාසය දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි අනාවැකි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න පැවසුවේ ප්‍රදේශ කිහිපයක සුළගේ වේගය අඩුවීම සහ පහළ වායුගෝලයේ ජලවාෂ්ප වැඩිවීම මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *