පස් කන්දක් කඩා වැටී පුද්ගලයෙක් මරුට

පස් කන්දක් කඩා වැටී ඊට යටවීමෙන් පස් ව්‍යාපාරිකයකු මියගොස් තිබෙනවා.

මෙම අනතුර අද (15) කුරුණෑගල, මාවතගම, වෑඋඩ ප්‍රදේශයේදී සිදුව ඇතැයි පොලිසිය පවසනවා.

අනතුරින් මියගොස් ඇත්තේ වෑඋඩ, හරන්කහගොඩ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි රණසිංහගේ චානක ඉරෝෂන් නමැති ව්‍යාපාරිකයෙක්.

මියගිය පුද්ගලයා කාලයක් තිස්සේ කොටිකාපොළ ප්‍රදේශයේ පස් කපා අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ ඔහු ඔහුගේ බැකෝ යන්ත්‍රයකින් පස් කපමින් සිටියදී මොහොත්කට එය නවත්වා පස් කපන වළට බැස තිබෙන බවයි පැවසෙන්නේ.

ඒ අතරතුර ඉහළ තිබූ පස් කොටසක් කඩා වැටී ඊට යටවීමෙන් ඔහු මරණයට පත්වී ඇති බව වාර්තා වනවා.

අනතුරින් පසුව විනාඩි 40ක පමණ කාලයක් පස් ඉවත් කිරීමෙන් පසුව ව්‍යාපාරිකයාගේ සිරුර සොයා ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඒ වනවිටත් ‍ඔහු මිය ගොස් සිටි බවයි මාවතගම පොලිසිය සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *