හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත බණ්ඩාරගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බන්ඩාර අද දහවල් කොළඹ පිහිටි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාවට පැමිණියා.
ඒ පසුගිය කාලය පුරාවට සිදු වූවා යැයි කියන සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් පැමිණිලි භාරදීමටයි.
අම්බුලුවාව ජෛව විවිධත්ව මධ්‍යස්ථානය සම්බන්ධයෙන් සිදුවී ඇති බව කියන දූෂණ වංචා සම්බන්ධයෙන් ඔහු එක් පැමිණිල්ලක් භාර දී තිබෙනවා .
මේක රාජ්‍ය දේපලක් වුවත් පුද්ගලයන් කිහිප දෙනෙක් පෞද්ගලිකව මෙය භුක්ති විද ඇති බවත් රාජ්‍ය දේපල අවභාවිතා වී ඇති බවත් ප්‍රකාශ කලා.
මීට පෙර කරන ලද පැමිණිලිද තිබෙන බවත් එම පැමිණිලි කඩිනමින් විනර්ශණය කරන ලෙස ඉල්ලූ බවත් ප්‍රකාශ කලා.
විගණන වාර්ථා වලට පිලිතුරු ලබා නොදී අම්බුලුවාව සම්බන්ධයෙන් කටයුතු කර ඇති බව ප්‍රකාශ කලා.
ජනාධිපතිතුමා පවා මේ සම්බන්ධයෙන් මීට පෙර හෙලි කර ඇති බව ප්‍රකාශ කලා.
තවද මීමුරේ ප්‍රදේශයේ වටිනා දේපලක් කොලඹ ඇතුලු තවත් ඉඩම් කිහිපයකට හුවමාරු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් අල්ලස් දූෂණයක් කර ඇති බවත් පැමිණිලි කල බවත් ප්‍රකාශ කලා.
ඉඩම් ත්රස්තවාදයට විරුද්ධව කටයුතු කල යුතු බවත් ප්‍රකාශ කලා.
තවද දෙසැම්බර් 31 දිනක තරුණ සේවා සභාව විසින් ප්‍රසංගයක් පවත්වා ඇති බවත් ඒ සම්බන්ධයෙන් රාජ්‍ය දේපල අවභාවිතා කර ඇති බවත් මීට පෙර කරන ලද එම පැමිණිලි විභාග කරන ලෙස නැවත ඉල්ලා සිටි බවත් ප්‍රකාශ කලා.
තවද හන්තාන ප්‍රදේශයේ අක්කර 22 ක ඉඩම් මංකොල්ලයක් සම්බන්ධයෙන් පැමිණිලි කර තිබෙනවා