“පළාත් සභා මැතිවරණය අනිවාර්යයෙන්ම පවත්වනවා”

ලබන වසර මුල් භාගයේදී පළාත් සභා මැතිවරණය අනිවාර්යයෙන්ම පවත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ පැවැති සක්වළ වැඩසටහනට එක්වෙමින්.

විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සක්වළ වැඩසටහනේ 228 වැනි අදියර යාපනය පේදුරුතුඩුව කොට්ටවට්ටි අමෙරිකන් දමිළ මිශ්‍ර පාසැලේදී පැවැත්වුණා.

එහිදී එම පාසලට රුපියල් ලක්ෂ 12කට ආසන්න වටිනාකමින් යුත් සුහුරු පන්ති කාමරයක් ලබාදීම සිදුවුණා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්ද එක්ව සිටියා.

මෙහිදී පාසැලේ නර්තන කණ්ඩායමට අවශ්‍ය ඇඳුම් ලබාගැනීම සඳහා රුපියල් ලක්ෂයක මුදලක් ද විපක්ෂ නායකවරයා විසින් පරිත්‍යාග කරනු ලැබුවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *