ප්‍රංශ තරුණයාට මායම් දාලා සේසතට විද්ද ශ්‍රී ලංකික තරුණිය

ප්‍රංශ ජාතික තරුණයෙකු සමග විවාහ ගිවිසගෙන ඔහුගෙන් රත්තරන් පවුම් 42 ක් හා මුදලින් රුපියල් ලක්ෂ 60 ක් ත්‍යාග ලබාගත් කිළිනොච්චියේ තරුණියක් ප්‍රංශ ජාතිකයා කිළිනොච්චියට පැමිණෙන විට අතුරුදහන් වීමේ සිද්ධියක් කිළිනොචිච් පොලිසියෙන් වාර්තා වනවා.

මේ දෙදෙනා යාපනයේ පැවති විවාහ මංගල උත්සවකදී එකිනෙකා දැන හදුණාගෙන ඇති අතර තරුණිය ප්‍රංශ ජාතික තරුණයාට ප්‍රකාශ කොට ඇත්තේ තම දෙමව්පියන් යුද්ධයෙන් මියයාමෙන් පසුව වැඩිමහල් සහෝදරිය ළඟ ජීවත්වන බවයි.

දෙදෙනාගේ ඇදුණුම්කම විවාහ ගිවිස ගැනීමක් දක්වා වර්ධනය වී ඇති අතර වසර එකහමාරක කලය ඇතුළත ප්‍රංශ ජාතික තරුණයා විසින් කිළිනොච්චියේ තරුණියට මුදල් ස්වර්ණාභරණ හා ත්‍යාග එවා ඇති බවයි වාර්තා වන්නේ.

පසුව මෙම තරුණයා කිළිනොච්චියට පැමිණෙනවිට තරුණිය අතුරුදහන් වී තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 1,211

Leave A Reply

Your email address will not be published. Required fields are marked *