එක්සත් ජාතික ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂයෙන් කොළඹ දිස්ත්රික්කයට පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින ප්රදීප් චාල්ස් මහතා දෙමටගොඩ මිහිඳු සෙන්පුර ප්රදේශවාසීන්ගේ ඉල්ලීමකට අනුව එම ප්රදේශයේ සංචාරය කළා..
එම මහල් නිවාස මෙන්ම අවට වතුවල පවතින අඩුපාඩු රැසක් එහිදී ජනතා විසින් චාල්ස් මහතාට පෙන්වා දුන් අතර..
එවැනි ගැටලු විසඳීමට ප්රදේශයේ නියෝජනය කරන සහ බොරැල්ල ආසනයට වග කියන මන්ත්රීවරයකු බිහිවිය යුතු බවයි කියා සිටියේ..
එම ප්රදේශයේ පවතින අඩුපාඩු පෙන්වා දීමෙන් අනතුරුව ප්රදීප් චාල්ස් මහතා මාධ්යතා අදහස් දැක්වූවා…
එහිදී ඔහු කියා සිටියේ බොරැල්ල ආසනය නියෝජනය කරන මන්ත්රීවරයෙක් වසර ගණනාවක තිස්සේ මෙතෙක් බිහි වී නැති බවයි..
දූෂිත පාලකයින්ගෙන් තොරව රන්ජන් රාමනායක මහතාගේ නායකත්වය යටතේ ප්රදේශයේ සංවර්ධනය වෙනුවෙන් කැපවෙන බවද ඒ මහතා කියා සිටියා…