ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 150ක තද වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 150ක පමණ තද වැසි අද (17) ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තාවකාලික තද සුළං සහ අකුණු ඇතිවිය හැකි අතර, එමඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

මේ අතර, ඊයේ (16) රාත්‍රියේ පුත්තලම ප්‍රදේශයට ඇදහැලුනු අධික වර්ෂාපතනයත් සමග ඇතිවූ සුළඟක් හේතුවෙන් පුත්තලම නගර සභාවේ ශ්‍රවණාගාරයේ සහ පුස්තකාලයේ වහළ ගැළවී ගොස් තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *