සබරගමුව පළාතේ සහ නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (12) දිනයේදී විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.
බස්නාහිර සහ වයඹ පළාත්වල ද වැසි ස්වල්පයක් ඇති විය හැක.
උතුරු සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද දෙපාර්තමේන්තුව පවසයි.
තවද, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල සහ වයඹ, උතුරු-මැද සහ දකුණු පළාත්වල විටින් විට පැයට කිලෝමීටර 30-40 ක පමණ මධ්‍යස්ථ සුළං ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් ඇතිවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.