ප්‍රදේශ දෙකකින් වාර්තා වූ ඛේදවාචක දෙකක්

ඊයේ (16) උදෑසන වැල්ලවත්ත පොලිස් වසමේ ඔචාර්ඩ් වෙළෙඳ සංකීර්ණය අසල පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි වැල්ලවත්ත පොලිසිය පවසනවා.

එසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 46ක් වූ ජම්පටා වීදිය, කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අපරාධය සම්බන්ධව සිදුකළ වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ, මරණකරු සේවය කළ වෙළෙඳසැලෙහි හිමිකරු අතර ඇති වූ පුද්ගලික ආරවුලක් මත වෙළෙඳසැල් හිමිකරු විසින් සිදු කරන ලද පහරදීමකින් මෙම ඝාතනය සිදුව ඇති බවටයි.

මෘත ශරීරය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අවුරුදු 42ක් වූ වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි වෙළෙඳසැල් හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

මේ අතර, ඊයේ (16) අළුයම් කාලයේ හලාවත පොලිස් වසමේ මහ විලත්තව ප්‍රදේශයේදී වයස අවරුදු 65ක් වූ කාන්තාවක් ඝාතනය කර ඇති බව හලාවත පොලිසිය පවසනවා.

මරණකාරිය වයස අවුරුදු 65ක් වූ මූකලන්හේන, බිංගිරිය ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මෙම කාන්තාව විලත්තව මාර්ගය අයිනේ මිය ගොස් වැටී සිටි බවට මරණකාරියගේ දියණිය ප්‍රකාශයක් ලබා දී ඇති අතර, දියණියගේ ස්වාමි පුරුෂයා මරණකාරිය සොයා යතුරුපැදියෙන් රාත්‍රියේ ගමන් කරමින් සිටියදී පුද්ගලයෙකු කාන්තාවක් ඔසවාගෙන යනු දුටු බවටත්, ඔහු යතුරුපැදි එළියෙන් එම පුද්ගලයා හඳුනාගත් බවටත්, ප්‍රකාශයක් ලබා දී තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

ඒ අනුව, බිංගිරිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරු මත මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ අත්අඩංගුවට ගෙන හලාවත පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙන බව පොලිසිය වැඩිදුරටත් පවසනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *