ප්‍රහාරය පිළිබඳ හෙළිකළ තස්ලීම් ජිවිතයෙන් වන්දි ගෙවන හැටි

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර අවස්ථා ගණනාවකදී ත්‍රස්තයින්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව ආරක්ෂක අංශ වෙත හෙළිකළ මොහොමඩ් තස්ලීම් අදටත් වන්දි ගෙවන්නේ ජීවිතය පරදුවට තබා හෙළිකළ තොරතුරු නිසාවෙන්.

කිතුණු බැතිමතුන්ගේ ජීවිත රැසක් අහිමි කළ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය දැන් හෝ ඉටු කරන ලෙසයි තස්ලීම් බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ.

2019 අප්‍රේල් 21 වැනිදා ජීවිත 269ක් බිලිගැනීමට සහරාන් ඇතුළු ත්‍රස්ත කණ්ඩායම පිඹුරුපත් සකසා තිබුණේ වසර ගණනාවකට පෙර සිට බව විමර්ශනවලදී අනාවරණය වුණා.

මාවනැල්ල ප්‍රදේශයේ ජීවත්වන තස්ලීම් මේ වනවිට දැඩි රෝගාතුරවී සිටිනවා.

ඒ රටේ ආරක්ෂාව වෙනුවෙන් ජීවිතය පරදුවට තබා හෙළිකළ තොරතුරු නිසා ජීවිතයෙන් වන්දි ගෙවමින්.

වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම, මාවනැල්ල බුද්ධ ප්‍රතිමා කඩා දැමීම ඇතුළු තොරතුරු රැසක් ආරක්ෂක අංශ වෙත හෙළිකිරීම නිසා ඊට පළි ගැනීමක් වශයෙන් සහරාන්ගේ ගෝලයින් විසින් 2019 මාර්තු 09 වැනිදා තස්ලීම්ගේ හිසට වෙඩි තබා තිබුණේ ඔහුගේ නිවසේදීමයි.

දින 20ක් සිහිසුන්ව මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තස්ලීම් අද සිටින ආකාරයයි මේ.

කිතුණු බැතිමතුන්ගේ ජීවිත රැසක් අහිමිකරමින් සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණය ඉටුකොට යුක්තිය ඉටු කරන ලෙසයි තස්ලීම් බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *