පාකිස්තාන අගමැති වැටුප එපා කියයි

පාකිස්තාන අගමැති වැටුප එපා කියයි

රට මුහුණ දෙන අවිනිශ්චිත ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින්, තම වැටුප සහ තමන්ට හිමි සියලු ප්‍රතිලාභ අත් හැරීමට පාකිස්තාන නව අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ප්‍රමුඛ සිය නව කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ආර්ථික අර්බුදය හේතුවෙන්, අනවශ්‍ය වියදම් කප්පාදු කිරීමේ අරමුණින්, විශේෂ කැබිනට් හමුවක් පැවැත්වුණු අතර, එහිදී අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් සාමාජිකයන් සියලු දෙනා ඒකමතිකව මෙම තීරණය ගත් බව පාකිස්තාන පුවත් සේවා වාර්තා කර තිබේ.

රජයේ මුදලින් සිදුවන විදෙස් සංචාර නැවැත්වීම සහ කප්පාදු කිරීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය අතරේ එකඟත්වයක් ඇති විය.

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට පාකිස්තානය, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය අපේක්ෂා කරයි. ඒ සඳහා පාකිස්තාන රජය, මූල්‍ය වගවීම් ප්‍රවර්ධනය කිරීම සම ආර්ථික අභියෝග හමුවේ රාජ්‍ය සම්පත් ප්‍රශස්ත කිරීම සම්බන්ධයෙන් පියවර රැසක් අනුගමනය කරමින් සිටී.

යළිත් වරක්, පාකිස්තාන ජනාධිපති ධුරයට පත් වූ අසීෆ් අලී සර්දාරි ද සිය ධුරයේ දිවුම් දෙමින් පවසා ඇත්තේ, ජනාධිපතිවරයාට හිමි වැටුප හෝ දීමනා කිසිවක් හෝ තමන් ලබා නොගන්නා බවය.

අසීෆ් අලී සර්දාරි එම තීරණය ගත් අවස්ථාවේදී පාකිස්තාන අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය මොෂීන් නාකිව් ද පැවැසුවේ තමන් ද තමන්ට හිමි වැටුප ලබා නොගන්නා බවය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *