පාකිස්තාන රජයට එරෙහිව අඛණ්ඩ විරෝධතා

එරට පාලිත කාශ්මීරයේ අඛණ්ඩව තුන්වන දිනටත් පාකිස්තාන රජයට එරෙහිව ඊයේ විරෝධතා පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විරෝධතා අතරතුර ආරක්ෂක අංශ සාමාජිකයින් සහ විරෝධතාකරුවන් අතර ඇතිවූ ගැටුම් හේතුවෙන් මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 13ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද,ගැටුම් හමුවේ සිවිල් වැසියන් 200 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි ද වාර්තා වෙයි.
ගැටුම්වලින් පොලිස් නිලධාරීන් තිදෙනෙකු ද මිය ගොස් ඇති අතර, තුවාල ලබා ඇති නිලධාරීන් සංඛ්‍යාව 09කි.
ඒකාබද්ධ අවාමි ක්‍රියාකාරී කමිටුව විසින් මෙම විරෝධතා මෙහෙයවයි.

What's your reaction?

Related Posts

1 of 433

Leave A Reply

Your email address will not be published. Required fields are marked *