පාකිස්ථානය චීනයට දෙන්න සල්ලි හොයයි

චීන – පාකිස්ථාන ආර්ථික කොරිඩෝවේ 13 වැනි ඒකාබද්ධ සම්බන්ධීකරණ කමිටුව රැස්වීමට පෙර, චීන ස්වාධීන බලශක්ති නිෂ්පාදකයින්ට පාකිස්ථාන මුදල් බිලියන 550කට ආසන්න ගෙවීම් කල යුතු කාලසටහනක් සකස් කිරීමට පාකිස්ථානය සාකච්ඡා කරමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

ඒ සඳහා වන සාකච්ඡා සඳහා පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් චීනයේ සංචාරය කිරීමට නියමිත බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ඒ අනුව එම සංචාරය එළඹෙන ජූනි මාසයේ දී සිදු කෙරෙනු ඇති බව ද සඳහන්.

CPEC-2 යටතේ පවතින සහයෝගීතාවය ශක්තිමත් කර ගැනීම සඳහා 13 වැනි රැස්වීමෙන් පසුව පාකිස්ථාන අගමැති ශබාස් ශෙරිෆ්ගේ (Shehbaz Sharif) සංචාරය සිදුවිය යුතු බවට චීන බලධාරීන් විසින් නියම කර ඇති බව මූලාශ්‍ර උපුටා දක්වමින් එම මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

කෙසේ වෙතත් නොවිසඳුණු ගැටළු හේතුවෙන් දෙරට අතර ඒකාබද්ධ සහයෝගීතා රැස්වීමේ කාලසටහන තවමත් සකස් වෙමින් පවතින බවයි එම වාර්තාවල සඳහන් වන්නේ.

පාකිස්ථානයේ ප්‍රමුඛත ම විදේශීය ණය හිමියා වන්නේ චීනයයි.

එමෙන් ම චීනයේ එක් මාවතක් එක් තීරයක් ව්‍යාපෘති මාලාව හමුවේ පාකිස්ථානය චීනයේ ණය උගුලකට හසුව සිටින බව ද එම මාධ්‍ය වාර්තා
වැඩිදුරටත් සඳහන් කරනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *