පාකිස්ථානයේ සිට ලංකාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ යාත්‍රාවක් ඉන්දීය ආරක්ෂක අංශ අත්අඩංගුවට

පාකිස්ථානයේ සිට මෙරටට ප්‍රවාහනය කරමින් තිබු බවට සැක කෙරෙන රුපියල් කෝටි 600ක වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් ඉන්දීය වෙරළාරක්ෂක බුද්ධි අංශය සිය භාරයට ගෙන තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 86ක් පමණ වනවා.

”‍අල් රාසා”‍ නැමති යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබු මෙම මත්ද්‍රව්‍ය තොගය සමග කාර්ය මණ්ඩල සාමාජිකයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

සැකකරුවන් බලුකිස්තානයේ පදිංචිකරුවන් වන අතර, වැඩිදුර පරීක්ෂණ සඳහා ගුජරාටයේ පොර්බන්ඩර් වෙත රැගෙන විත් තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය තොගය ඉන්දියාව වෙත ප්‍රවාහනය කරමින් තිබු බව ප්‍රථමයෙන් සැක පළ කළද පසුව ඒවා ශ්‍රී ලංකාව වෙත ප්‍රවාහනය කරමින් තිබෙන බවට තොරතුරු අනාවරණය කර ගෙන ඇති බවයි අහමදාබාද් පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *