පාප්වහන්සේ ඉන්දුනීසියාවේ සංචාරයකට සැරසෙයි

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සැප්තැම්බර් මාසයේදී ඉන්දුනීසියාවේ සංචාරයක නිරතවීමට නියමිතයි.

ලොව විශාලතම මුස්ලිම් ජනගහනය සහිත රටක් වන ඉන්දුනීසියාවේ අන්තර් ආගමික සහයෝගය ශක්තිමත් කිරීමට සහ ආගමික ප්‍රජාවන් අතර වැඩි අවබෝධයක් ඇති කිරීමේ අරමුණින් ජනාධිපති ජෝකෝ විඩෝඩෝ සිදුකළ ආරාධනයකට අනුවයි පාප් වහන්සේ මෙම සංචාරයේ නිරතවන්නේ.

එරට තුළ ආසන්න වශයෙන් මුස්ලිම්වරුන් මිලියන 242ක් සහ කතෝලිකයන් මිලියන 8.5ක් ඇතුළුව මිලියන 29ක් පමණ කිතුනුවන් වාසය කරනවා.

ඉන්දුනීසියාවට අමතරව, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අගෝස්තු මාසයේදී පැපුවා නිව්ගිනියාවේ සංචාරය කිරීමට සැලසුම් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

2013 වසරේ පාප් පදවියට පත්වීමෙන් පසු, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාව ඇතුලු විදේශ රටවල් 44ක සංචාරය කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *