පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (01) සහ හෙට යන දෙදින තුළ රැස්වීමට නියමිතයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මෙම දින දෙක තුළ පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කරනු ලැබුවා.

ඒ අනුව අද දින ආයුර්වේද පනත යටතේ නියෝගයන් කිහිපයක් විවාදයට ගැනීමට නියමිතයි.

එමෙන්ම හෙට දිනයේදී මේ වන විට ගැසට් කර ඇති බැංකු සංශෝධන පනත් කෙටුම්පත හෙවත් පරාටේ නීතිය සංශෝධනයට ලක් කිරිමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයද පැවැත්වෙනු ඇති.

මීට අමතරව එදිනම කොළඹ වරාය නගරය ආර්ථික කොමිසම් සභාව පනත යටතේ නියෝග මෙන්ම එකතු කළ අගය මත බදු පනත යටතේ නියමයන් විවාදයට ගැනීමට නියමිතයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *