පාසල් සිසුවෙක් දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්වෙයි

මොරටුව මුරවත්ත දුම්රිය හරස් මාර්ගය අසලදී කෝච්චියේ හැපී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මොරටුව මොරටුවැල්ල ක්ලෝවියස් මාවතේ පදිංචිව සිටි 04වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක්.

දරුවා සිය මවට හොරෙන් පාපැදි පැදීමට ගිය අවස්ථාවේ දී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ දී ඇති බවයි වාර්තා වෙන්නේ.

දරුවා පාපැදිය පදවාගෙන යමින් සිටියදී කොළඹ සිට ගාල්ල දෙසට දුම්රියක් ධාවනය කිරීමට නියමිත වූ නිසා දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටු වසා දමා තිබෙනවා.

එම අවස්ථාවේදී මෙම දරුවා තම පාපැදිය නතරකරගෙන සිට ඇති බවයි වාර්තා වෙන්නේ.

කෙසේ වෙතත් කොළඹ සිට ගාල්ල දක්වා ගමන් කළ දුම්රිය ධාවනය වීමෙන් අනතුරුව දුම්රිය හරස් ගේට්ටු විවෘත කිරීමට පෙර දරුවා පාපැදිය දුම්රිය මාර්ගය හරහා පදවා ඇති බවයි සඳහන් වෙන්නේ.

එම අවස්ථාවේ දී බෙලිඅත්ත සිට නුවර බලා ගමන් ගන්නා දුම්රිය අනෙක් දුම්රිය මාර්ගය ඔස්සේ ධාවනය වී ඇති අතර එම දුම්රියේ දරුවා ගමන් ගත් පා පැදිය ගැටී තිබෙනවා.

දුම්රියේ ගැටුණු දරුවා මීටර් කිහිපයක් ඉදිරියට ඇදී ගොස් ඇති අතර බරපතල තුවාල ලැබූ දරුවා රෝහල් ගත කරන විටත් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *