පාස්කු ප්‍රහාරය ගැන සිරිල් ගාමිණී පියතුමන්ගෙන් CIDයට තොරතුරු රැසක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් මේ වනවිට ඉන් පිටව ගොස් තිබෙනවා.

ඒ පැය 4 කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුවයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට එම දෙපාර්තමේන්තුව සිදුකළ කැඳවීමකට අනුවයි උන්වහන්සේ අද (19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණේ.

එහිදී එම ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව පියතුමන් සඳහන් කර සිටියේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධ්‍යයනය කර සොයාගත් තොරතුරු රැසක් මුලාශ්‍ර සහිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ බවයි.

ලබන ඉරිදාට පාස්කු ප්‍රහාරය එල්ල වී වසර 5ක් සපිරෙන බව සඳහන් කළ උන්වහන්සේ ඒ වෙනුවෙන් පාගමනක්ද සංවිධානය කර ඇති බවත්, සියලු ජනතාවට ඒ සමග එක්වෙන ලෙසත් එහිදී ආරාධනා කර සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *