පැටීගේ ඝාතන ලැයිස්තුවේ ප්‍රසිද්ධ ගායකයෙක් සහ රංගන ශිල්පියෙක් ඇතුළු 07ක්

දැනට ප්‍රංශයේ සැඟව සිටින පාතාල නායක කංජිපානි ඉම්රාන් සහ ඩුබායිහි සැඟව සිටින ලොකු පැටී දෙදෙනාගේ ඝාතන සැලැස්මක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

මේ පිළිබඳව ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව සඳහන්කර සිටියේ.

ලැබී ඇති තොරතුරු අනුව කංජිපානි සහ ලොකු පැටී මෙරට ප්‍රසිද්ධ ගායකයෙකු සහ රංගනශිල්පියෙකු ඇතුළු 07 දෙනෙකු ඝාතනය කිරීම සඳහා සැලසුම් සකස් කොට ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම පිරිස පාතාල සාමාජිකයින්ගෙන් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන ඒවා යළි ලබා නොදුන් බවට පවසමින් මෙම ඝාතන සැලැස්ම සූදානම් කර තිබෙනවා.

මීට පෙර මෙම ගායකයා ඇතුළු පිරිස එම පාතාල සාමාජිකයින් සැඟව සිටින රටට ගොස් උත්සවයකටද සහභාගී වී ඇති බවයි වාර්තා වෙන්නේ.

පොලිස් බුද්ධි අංශ නිලධාරින් යොදවා මෙම ඝාතන සැලැස්මේ ඇත්ත නැත්ත පිළිබඳව සොයා බැලීමක් කරගෙන යන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *