පැය 24ක් තුළ රිය අනතුරුවලින් ජීවිත 10ක් අහිමිවෙයි

ඊයේ දිනය තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

පුස්සැල්ලාව – කටුකිතුල ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීිමෙන් අවුරුදු දෙකක පිරිමි දරුවෙකු සහ අවුරුදු 65 ක පුද්ගලයෙකු මියගියා.

සිද්ධියෙන් තවත් පස්දෙනෙකු තුවාල ලබා ගම්පොල රෝහලේ ප්‍රතිකාර ලබනවා.

නුවරඑළිය දෙස සිට ගම්පොල දෙසට ධාවනය වූ වෑන් රථයක් මෙලෙස ප්‍රපාතයට පෙරළී තිබූ අතර, සිද්ධියෙන් තුවාල ලැබූවන් එකම පවුලේ අය වනවා.

මොවුන් රිදීගම ප්‍රදේශයේ පදිංචිකරුවන්. නුවරඑළියේ සිට කුරුණෑගල දෙසට ගමන් කරමින් සිටියදියි මෙම අනතුරට මොවුන් මුහුණදී තිබුණේ.

හාලිඇළ – බණ්ඩාරවෙල මාර්ගයේදී මෝටර් රථයක් රියදුරුට නින්දයාම හේතුවෙන් පාලනය කරගැනිමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසළ තිබූ ගසක ගැටී සිදුවූ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මියගියා.

අවුරුදු 51 සහ 70 යන වයස්වල පසුවන මොවුන් දොම්පේ – පුවක්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන්.

සිද්ධියෙන් තුවාල ලැබූ තවත් කාන්තාවක් සහ මෝටර් රථයේ රියදුරු බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

මහියංගණය – ගිරාදුරු කෝට්ටේ මාර්ගයේ නිදහන්ගල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මාර්ගය හරහා පෙරළී ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි යතුරුපැදියක ගැටී ඊයේ අනතුරක් සිදුවුණා.

සිද්ධියෙන් ත්‍රිරෝද රථයේ රියදුරු මියගොස් ඇති අතර, තවත් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා මහියංගණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

සිද්ධියෙන් මියගියේ අවුරුදු 29 ක් වයසැති උඩුනිරිඇල්ල – නිරිඇල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *