පැරණි ක්‍රමයට විසා ලබා ගැනිමේ හැකියාව අද සිට

අද සිට පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව සියලුම විදේශිකයන්ට හිමිවන බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් පවසනවා .

ඒ පිළිබඳ අමාත්‍ය විජිත හේරත් සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය,

”වීසා ලබා දීමේ පහසුකම VFS ආයතනයට ලබා දීමෙන් ජනතාව විශාල පීඩාවකට පත් වුණා. විශේෂයෙන් ලංකාවට පැමිණෙන විදේශිකයන්ට වීසා ලබා ගැනීමේ දී ගැටළුකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදු වුණා.

ඒ නිසා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් අධිකරණ තීන්දුව අනුව ගෙවී ගිය පැය 24ක කාලය තුළ පැරණි ක්‍රමවේදය අනුවම විසා ලබාදීම යළි ක්‍රියාත්මක කිරීමට කටයුතු කළා. ඒ අනුව අද මධ්‍යම රාත්‍රි 12.00 සිට වීසා පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. මාර්ගගත ක්‍රමය ඔස්සේ වීසා අයදුම් කිරීම දැන් විදේශිකයන්ට ඉතා පහසුවෙන් කරගත හැකියි. ඊයේ මධ්‍යම රාත්‍රි 12න් මෙම කටයුතු ආරම්භ කළ අතර පැය 24ක් තුළ වීසා ලබා දීම සිදු කරනවා. මෙය විශාල ජයග්‍රහණයක්.”

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *