පැෆ්රල් සංවිධානය මාධ්‍ය හමුව

රෝහණ හෙට්ටිආරච්චි

පාර්ලිමේන්තු මැතිවරණය සදහා තරග කල අපේක්ෂකයන්ගේ වියදම් වාර්ථා භාර දීම හෙට මධ්‍යම රාත්‍රී 12 ට පෙර භාර දිය යුතුයි.නමුත් තවම භාර දී ඇත්තේ 20% යි.
ඒ නිසා ආදායම් වියදම් වාර්ථා භාරදීම කල යුතුයි.භාර දීමට අසමත් වුවහොත් මැතිවරණ නීතිය ඉදිරියේ වරදක් වෙනවා.ඒ වගේම එලෙස ආදායම් වියදම් වාර්ථා භාර නොදුන්නොත් ඉදිරි මැතිවරණ වලට ඉදිරිපත් වෙන්න බැරි වෙනවා, වසර 3 කට චන්ද අයිතිය අහිමි වෙනවා.

ඒ වගේම පලාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් නාමයෝජනා අලුතෙන් භාර ගන්න සූදානම් වෙනවා.ඒ වගේම මේ මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් තිබෙනවා.

නාම යෝජනා අලුතෙන් කැදවීම හරහා තරුණයන්ට වැඩි අවස්ථාවක් ලැබෙනවා.නාම යෝජනා අලුතෙන් කැදවීම හරහා ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාව යහපත් වේවි.

කෙසේ හෝ පලාත් පාලන මැතිවරණය ඉදිරි මාස 3 ක 4 ක කාලය තුල අනිවාර්යයෙන් පැවැත්විය යුතුයි.
මැතිවරණය කල් දාන්න මැතිවරණ කොමිසමට බෑ.
නීති වෙනස් කරනවා නම් ඒවා කඩිනමින් කර මැතිවරණය ඉක්මනින් පැවැත්විය යුතුයි.

දේශපාලන පක්ෂ වලින් 1985 ක් පමණක් ආදායම් වියදම් වාර්ථා ලබා දී තිබෙනවා.සියල්ල බැලුවොත් 20% ක් පමණයි වාර්ථා දී තිබෙන්නේ, ඒ කියන්නේ 80% ක් ලබා දී නෑ.

What's your reaction?

Related Posts

1 of 464

Leave A Reply

Your email address will not be published. Required fields are marked *