පියා සහ පුතු එකටම අවසන් ගමන් යයි

පිටිගල, මාපලගම මාර්ගයේ මත්තක ප්‍රදේශයේ බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

කියුබ් 03 වර්ගයට අයත් ටිපර් රථයක් සහ ඇල්ටෝ වර්ගයේ කාර් රථයක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පිටිගල පොලිසිය පවසන්නේ.

ඊයේ (25) සවස 05.20ට පමණ මෙම බිහිසුණු අනතුර සිදුව ඇති අතර එම අනතුරින් පියෙක් සහ පුතෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

පියා විසින් මෙම කාර් රථය පදවා ඇති අතර එකම පවුලේ පිරිසක් මෙම රථයේ ගමන්කර තිබෙනවා.

සිදුවීම සම්බන්ධයෙන් ටිපර් රථ රියැදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර පිටිගල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *