පිලිපීන අද්මිරාල්වරයෙකු හා චීන රාජ්‍ය තාන්ත්‍රිකයෙක්ගේ කෝල් එකක් ලීක් වෙයි

දකුණු චීන මුහුද ආශ්‍රිතව ඇති වූ දරුණු ගැටුමක් සැලකිය යුතු ලෙස උත්සන්න වෙමින් ඇති පසුබිමක පිලිපීන අද්මිරාල්වරයෙකු සමඟ චීන රාජ්‍ය තාන්ත්‍රිකයෙකු පැවැත්වූ දුරකතන සංවාදයක් අනාවරණ වීම සම්බන්ධයෙන් චීන රාජ්‍ය තාන්ත්‍රිකයින් නෙරපා හරින ලෙස පිලිපීනයේ ජාතික ආරක්ෂක උපදේශක එඩ්වාඩෝ ඇනෝ රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අසමගිය, බෙදීම අරමුණු ඇතිව මැනිලා හි පිහිටි චීන තානාපති කාර්යාලය නැවත නැවතත් වැරදි තොරතුරු බෙදා හැරීමේ ක්‍රියාවන් සංවිධානය කර ඇති බවයි එඩ්වාඩෝ ඇනෝ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ.

ඒ අනුව එම ක්‍රියාවන් බරපතල දඬුවම්වලින් තොරව සම්මත කර ගැනීමට ඉඩ නොතැබිය යුතු බව පවසන ඔහු වැඩිදුරටත් සඳහන් කරන අතරවාරයේ, චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ලින් ජියෑන් පිලිපීන රාජ්‍ය තාන්ත්‍රිකයාගේ එම ප්‍රකාශය ප්‍රකෝපකාරී ලෙස හැඳින්වූ අතර පිලිපීනයේ චීන රාජ්‍ය තාන්ත්‍රිකයින්ට ඔවුන්ගේ කාර්යය කිරීමට ඉඩ දිය යුතු බව ද පවසනවා.

චීන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ සාමාන්‍ය රාජකාරි කාර්ය සාධනය ආරක්ෂා කරන ලෙසත්, උල්ලංඝනය කිරීම් සහ ප්‍රකෝප කිරීම් නවත්වන ලෙසත්, කරුණු ප්‍රතික්ෂේප කිරීමෙන් වළකින ලෙසත් චීනය පිලිපීන පාර්ශවයෙන් බැරෑරුම් ලෙස ඉල්ලා සිටින බව බීජිං හි පැවැති මාධ්‍ය හමුවක දී ලින් ජියෑන් පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ නමුත් එම සිදුවීම සම්බන්ධයෙන් පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර්ගේ කාර්යාලය සහ විදේශ අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා නොමැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

පිලිපීනයේ පිහිටි චීන තානාපති කාර්යාලය ඉකුත් අඟහරුවාදා පිලිපීනයේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු සහ චීන රාජ්‍ය තාන්ත්‍රිකයෙකු අතර මතභේදාත්මක මුහුදු කලාපය ගැන සාකච්ඡා කරන ලද යැයි කියනු ලබන දුරකතන සංවාදයක පටිගත කිරීමක් පිලිපීන මාධ්‍ය වෙත නිකුත් කර තිබූ අතර ඉන් අනතුරුවයි දෙරට අතර අර්බුදය තවත් උත්සන්න වී ඇත්තේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *