පේරාදෙණිය පැණිදෙණිය කළුපාලම අසල දුම්රියක ගැටීමෙන් විශ්ව විද්‍යාල සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පේරාදෙණිය පොලීසිය පැවසුවේ මියගිය සිසුවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රාස්ත්‍ර පිඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන සිසුවෙක් බවයි.‍‍24 හැවිරිදි එම සරසවි සිසුවා තල්පිටිය උතුර, වාද්දූව ප්‍රදේශයේ පදිංචි අයෙකි.ඊයේ (01) සවස එම අනතුර සිදුව තිබුණේ, පේරාදෙණිය පොලිස් වසමේ පැණිදෙණිය කළුපාලම අසල දුම්රිය මාර්ගයේදීය.පොලීසිය පවසන්නේ, මහනුවර සිට නාවලපිටිය බලා ධාවනය වූ දුම්රියක මෙම සිසුවා ගැටී ඇති බවයි.සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *