පොදු ලකුණක් ගැන නාමල් කියයි

ඉදිරි ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාවේ අනිවාර්යයෙන්ම පොහොට්ටු ලකුණ දැකිය හැකිවනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළා.

මල්වතු සහ අස්ගිරි මහ නායක හිමිවරුන් අද (11) බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.

ඔහු කියා සිටියේ ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන පොදු ලකුණද පොහොට්ටුව විය හැකි බවයි.

මේ අතර, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මනත්‍රී ඩි.වීරසිංහගේ ඉදිකළ නව නිවසට ගෙවැදීමේ උත්සවය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පැවැත්වුණා.

අරගල සමයේ අම්පාර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට ගිනි තැබූ අතර, ඉන් දැඩි අලාභහානිද සිදුව තිබුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *