ඵලදායී බලය බෙදීමක් ගැන සජිත් සහ දෙමළ සන්ධානය අතර යාපනයේදී සාකච්ඡා

බලය බෙදා හැරීමට සමගාමීව මුදල් ප්‍රතිපාදන ද බෙදා හැරීම නොකළහොත් එම බලය බෙදීමෙන් කිසිදු ඵලක් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව පවසා ඇත්තේ, දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් සමග පැවති හමුවකදීයි.

මෙම හමුව ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ යාපනය කාර්යාලයේදී පැවැත්වුණා.

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා, උතුරු පළාත නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහ උතුරු පළාත් සභාවේ හිටපු සභාපති සී.වී.කේ. සිවඥානම් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

13 වැනි සංශෝධනය සහ බලය බෙදීම යන කරුණු සම්බන්ධයෙන් මෙම හමුවේදී ගැඹුරින් සාකච්ඡා වී ඇති අතර, එහිදී දෙමළ පක්ෂ නියෝජිතයින් පෙන්වා දී ඇත්තේ, 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම පල රහිත දෙයක් බවයි.

13 වැනි සංශෝධනයෙන් අපේක්ෂිත බලය බෙදීමට සමගාමීව මුදල් ප්‍රතිපාදන ලබා නොදුනහොත් 13 ක්‍රියාත්මක කිරීමෙන් ඵලක් නොමැති බව ඊට හේතු වශයෙන් ඔවුන් පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම, 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩු විසින් ලබා දෙනු ලැබූ පොරොන්දු පුස්සක් වූ බවත්, ඒ හේතුවෙන් තමන් කලකිරී ඇති බවත් උතුරේ දෙමළ පක්ෂ නියෝජිතයින් විපක්ෂ නායකවරයාට ප්‍රකාශ කළා.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *