“බංකොලොත් රට ගොඩනගන තීරණය ජනතාව අතේ”

බංකොලොත් රට ගොඩගැනීමේ දි රනිල් වික්‍රමසිංහ අනුර කුමාර කූඨ සන්ධානයට අවස්ථාව ලබා දෙනවාද විපක්ෂයේ සිටම රට ගොඩනගන්න කටයුතු කළ සමගි ජන බලවේගයට ලබා දෙනවාද කියා ජනතාව තීරණය කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (12) කළුතර පැවැති සමගි ජන සන්ධානයේ 47 වැනි ජනරැළිය අමතමින්.

එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ ගම් නියම්ගම් සිසාරා නව වැඩපිළිවෙළක් නව දර්ශනයක් හරහා පොදුජන යුගයක් බිහි කරනවාද කියා තීන්දුව ජනතාව සතු බවය.

එමෙන්ම සමගි ජන බලවේග රජයක් තුළ සැම පාසලක්ම සුහුරු පාසල් කරන බවත් ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය දියුණු කරණ බව ඔහු කියා සිටියා.

තරුණ පරපුර වෙනුවෙන් නිපුණතා සංවර්ධනය සිදු කරන බව ද ඔහු අවධාරණය කර සිටියා.

විපක්ෂනායකවරයා කියා සිටියේ විරැකියාවෙන් පෙළෙන තරුණයන්ට නව දැනුමක් ලබා දීමට කටයුතු කරන බවය.

තම පියා වන රණසිංහ ප්‍රේමදාස විසින් ඇගලුම් කම්හල් 200 තුළින් නිර්මාණය කළ මහා කර්මාන්ත විප්ලවයේ ඊලග පියවර ලෙස අපනයන කේන්ද්‍රය දැනුම කේන්ද්‍රීය ආර්ථිකය නිර්මාණය කර ජනතාව සවිබල ගන්වන බව ඔහු මෙහිදී අනාවරණ කර සිටියා.

ඉඩමක් නොමැති ජනතාවට ඉඩමක් සහ නිවසක් ලබා දී නිවාස සිහිනය සැබැ කරන බවත් කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය සුහුරු කරන බවත් ඉන්ධන සහනාධාරය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *